මධ්‍යධරණී මුහුදේදී මුදා ගැනුණු සංක්‍රමණිකයන් රැගෙන පැමිණි යාත්‍රාවක් ඉතාලි පොලිස් බෝට්ටුවක හප්පා එය මුහුදු බත් කිරීමට උත්සාහ කළ බවට චෝදනාවට ලක්ව තිබේ.
අදාළ යාත්‍රාවේ කපිතාන්වරිය ලෙස සේවය කළ කැරෝලා රැකේට් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
සී වොච් 3 යාත්‍රාවේ කපිතාන්වරිය ලෙස ඇය කටයුතු කර ඇති අතර, ධනවත් ජර්මානු කාන්තාවක් වන මෙම තැනැත්තිය සිදුකර ඇති ක්‍රියාව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
ස්වෙච්ඡා මුදාගැනීමේ යාත්‍රාවක් ලෙස සංක්‍රමණිකයන් මුදාගැනීමේ කටයුතුවල මෙම ධනවත් කාන්තාව යෙදී ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, ඇය මෙම සිද්ධියට වරදකරු වුවහොත්, වසර 10ක සිර දඬුවමකට ඇයට යටත්වීමට සිදුවනු ඇත.