ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර අලුතින් පත්වූ නගරාධිපතිවරයා නගරයේ රථ වාහනවලින් සිදුවන පරිසර දූෂණය වැළැක්වීමේ නීතිය ආපස්සට හැරවීමට ගන්නා උත්සාහයට ජනතාව වීදිබැස තිබේ.
නව කන්සවේටිව් නගරාධිපතිවරයා මෙසේ වෙනස් කිරීමට යන්නේ නගර මධ්‍යයට පෙට්‍රල් සහ ඩීසල් වාහන ඇතුළු වීමට යළිත් අවස්ථාවක් ලබාදෙමිනි.
මීට පෙර නගර මධ්‍යයට මෙම ඉන්ධන වාහන ඇතුළු වීම වැළක්වීමට නීතියක් පනවා තිබුණු අතර, එය බිඳ දමන රියදුරන්ට දඩයකට යටත් විය.
කෙසේ වෙතත්, වත්මන් නව නායකයාගේ ක්‍රියාකලාපය නිසා නගරය යළිත් දූෂිත නගරයක් බවට පත්වන බව ජනතාව දැවැන්ත විරෝධයක් පාමින් කියා සිටියේය.