රෝයල් කැරිබියන් මගී නෞකා සමාගම නිවේදනය කළේ, එහි සෙලිබ්‍රිටි මිලේනියම් නෞකාවේ සිටි අමුත්තන් දෙදෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවන් සිදුකර ඇති බවයි.
ඒ අනුව මේ වනවිට එම ආසාදිතයන් දෙදෙනා නෞකාව තුළම නිරෝධායනයට ලක්කර ඇති බවත්, සමාගමේ වෛද්‍ය කණ්ඩායම විසින් අධීක්ෂණය කරනු ලබන අතර, එහි සම්බන්ධතා ලුහුබැඳීම, පුද්ගලයන්ගේ සියලු සමීප සම්බන්ධතා සඳහා පරීක්ෂණ කඩිනම් කිරීම සිදුකරන බව බවද පැවසීය.
සෙලිබ්‍රිටි මිලේනියම් යනු වසරකට වැඩි කාලයක් ගතවීමෙන් පසුව, පසුගිය සතියේ යාත්‍රා කිරීම නැවත ආරම්භ කළ උතුරු ඇමරිකාවේ පළමු වැනි මගී නෞකාවයි.
රෝයල් කැරිබියන් මගී නෞකා සමාගම මෙසේ ගමන් ආරම්භ කර තිබුණේ එක්සත් ජනපද රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි සම්පූර්ණ මාර්ගෝපදේශ ලබා ගැනීමෙන් පසුවය. එයට සම්පූර්ණ එන්නත ලබාදුන් කාර්ය මණ්ඩලයක් සහ 16ට වැඩි සියලු දෙනා කොවිඩ්-19 ට එරෙහිව එන්නත් කළ බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතුව තිබුණි.
පසුගිය වසරේදී සමහර මගී නෞකා වෛරසය සඳහා උණුසුම් ස්ථාන බවට පත්වීමෙන් පසුව, නැවත කර්මාන්තය ආරම්භ කිරීම සඳහා ලබාගත් පළමු වැනි උත්සාහයේදීම මෙසේ අසාදිතයන් දෙදෙනෙකු හමුවීම සැලකිය යුතු තත්ත්වයක් බව කියයි.