බහමාස් රාජ්ය වෙත දැවැන්ත හානියක් සිදුකිරීමෙන් අනතුරුව ඩෝරියන් සුළි කුණාටුව එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ කලාපය වෙත ඇදී එන බව කාලගුණ අංශ අනතුරු අඟවයි.
ඒ අනුව, ෆ්ලොරිඩාවේ සිට වර්ජීනියාව දක්වා වූ සියලුම ජනතාවට අනතුරු ඇඟවීම් කරමින් ඔවුන්ට ආරක්ෂක උපදෙස් ලබාදෙන බව කියැවෙයි.
කෙසේ වෙතත්, බහමාස් වෙත ඇතුළු වීමේදී 5 වැනි අදියරේ ප්රබල සුළි කුණාටුවක් ලෙස පැවති ඩෝරියන්, මේ වනවිට 2 වැනි අදියර දක්වා මන්දගාමී වුවත් එය තවමත් සැලකිය යුතු විනාශයක් කළ හැකි සුළි කුණාටුවක් බව කාලගුණ අංශ පෙන්වා දෙයි.
බහමාස් හිදී ඩෝරියන් සුළි කුණාටුවෙන් ඇති කළ විනාශයේ මෙතෙක් ගණනය කර නොතිබුණත්, මිනිස් ජීවිත 20ක් සුළි කුණාටුව විසින් බිලිගන්නා ලදී.
බහමාස් අග්රාමාත්ය හර්බට් මින්නිස් කියා සිටියේ එය එරට ඉතිහාසයේ බහමාස් ජාතිය මුහුණදුන් දැවැන්තම ඛේදවාචකය බවයි.