බ්රසීලයේ රියෝ ද ජැනීරෝ නුවර මගී බස් රථයක් පැහැර ගැනීමට ලක්කර පැය කිහිපයක් මගීන් එහි සිරකරගෙන සිටි සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
බ්රසීල පොලීසිය පවසා සිටියේ පැය තුනකට අධික කාලයක් මෙම සැකකරු විසින් මගීන් පිරිස ප්රාණ ඇපයේ තබාගත් බවත්, ඔවුන් මුදා හැරීමට ඔහු කිසිදු උත්සාහයක් නොගත් නිසා ස්නයිපර් වෙඩික්කරුවෙකු යොදා සැකකරුට වෙඩි තැබූ බවයි.
රියෝ නගරය සහ නයිට්රෝයි සම්බන්ධ කෙරෙන පාලම මත මෙම බස් රථය නවතා තැබුණු අතර, පොලීසිය බස් රථය වටා දැඩි රැකවල් යොදා තිබුණි.
කෙසේ වෙතත්, මෙම සිදුවීමේදී ප්රාණ ඇපයට ගත් කිසිවෙකුටත් හානියක් නොවීමට ආරක්ෂක අංශ වගබලාගෙන තිබුණි.