තම බිරිඳගේ ශරීර වර්ණය සම්බන්ධයෙන් ස්වාමියා නිතර බිරිඳට දොස් පැවරීම නිසා සිත් තැවුලට පත් ඉන්දීය ජාතික 21 හැවිරිදි කාන්තාවක් සියදිවි නසාගෙන තිබේ.
රාජස්ථාන් ප්රාන්තයේ පොලීසිය සඳහන් කර පරිදි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ පියා කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුවෙයි.
කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නොමැති අතර, ස්වාමියා පොලීසිය කටඋත්තරයක් මෙතෙක් ලබාදී නොමැති බවද කියයි.
ඉන්දියාව තුළ කළු හෝ තලඑලලු වර්ණයෙන් යුතු කාන්තාවන් මෙන්ම පිරිමින් පවා තම ශරීර වරණය සුදු කරගැනීම සඳහා නොයෙකුත් උත්සාහයන් දරන බව නොරහසකි.