බ්‍රිතාන්‍යයේ වත්මන් කොවිඩ්-19 සීමාවන් ඉවත් කිරීම ජුනි 21න් ඔබ්බට සති හතරක් ප්‍රමාද කිරීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්රමුඛ රජය තීරණය කර තිබේ.
ඒ අනුව එක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මෙම තීරණයට එකඟ වී ඇති අතර, අගමැති බොරිස් ජොන්සන් විසින් කොවිඩ් සීමාවන් තවදුරටත් පවත්වාගෙන යෑමටත්, එය එලැඹෙන ජුලි 19දා දක්වා දීර්ඝ කිරීමටත් තීරණය කර තිබේ.
විශේෂයෙන්ම රට තුළ ව්‍යාප්තව පවතින ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මේ තීරණයට එලැඹී ඇත.
මේ නිසා බ්‍රිතාන්‍ය තුළ එන්නත්කරණය තවදුරටත් වේගවත් කර ඇති අතර, ආසාදනයේ තුන්වැනි රැල්ලක් ඇති නොවීම සඳහා කටයුතු කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි.