අදට (10දා) යෙදී තිබෙන නැසීගිය පිලිප් කුමරුගේ 100 වැනි ජන්ම දිනය නිමිත කරගෙන බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනට පිලිප් කුමරුගේ නමින් රෝස මලක් (මල් බඳුනක්) පිරිනමා ඇති බව බකිංහැම් මාලිගය පවසයි.
එඩින්බරෝ ආදිපාදවරයා වූ පිලිප් කුමරු පසුගිය අප්‍රියෙල් 09දා සිය දිවි ගමනට සමුදුන් අතර, ඒ වනවිට දැන් 95 වැනි වියෙහි පසුවන රැජින ඔහු සමග දශක හතකට අධික කාලයක් විවිහ දිවිය ගතකර තිබුණි.
මාලිගාව පැවසුවේ අලුතින් අභිජනනය කරන ලස රෝස පැහැති, එඩින්බරෝ ආදිපාද සමරු රෝස මල් බඳුන එලිසබෙත් රැජිනයට පසුගිය සතියේදී පිළිගැන්වූ බවයි.
එතැන් සිට එම අලුත් ප්‍රභේදය ලන්ඩනයේ බටහිර දෙසින් පිහිටි රැජිනගේ වින්ඩ්සර් මාලිගයේ නැගෙනහිර උද්‍යානයේ රෝස මායිමේ රෝපණය කර ඇත්තේ, කොවිඩ්-19 වසංගතයෙන් පසුව මෙන්ම ඇය සිය සැමියා සමග වැඩිම කාලයක් ගතකළ ස්ථානයක් ලෙස එය සැලකෙන නිසාය.
රාජකීය උද්‍යාන විද්‍යාත්මක සංගමයේ සභාපති කීත් වීඩි අදහස් දක්වමින්, "ඉතා කණගාටුදායක මතකයක් වුවත්, මහ රැජිනට, පිලිප් කුමරායගේ 100 වැනි උපන්දිනය සනිටුහන් කරමින්, ඔහුගේ ඒ අපූරු ජීවිතය සිහිපත් කරමින් එඩින්බරෝ ආදිපාද රෝස මල් පිරිනැමීමට අවස්ථාව ලැබීම සතුටක්" යැයි සඳහන් කළේය.
මෙම නව රෝස විකිණීමෙන් ලැබෙන රාජකීය මුදල එඩින්බරෝ ආදිපාදවරයාගේ ජීවන උරුමය අරමුදල වෙත බැර කෙරෙන අතර, එය පිලිප් කුමරු විසින් ආරම්භ කරන ලද සහ දැන් රටවල් 130කට වැඩි ගණනක ක්‍රියාත්මක වන තරුණ තරුණියන් සඳහා වන යෝජනා ක්‍රමයකට සහාය දක්වන බව කියයි.