කෙන්යාවේ පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව සටන් කර එල්ලා මරා දැමුණු එරට ජාතික සටනේ නායකයෙකු වූ ඩීඩෑන් කිමාතීගේ දේහය මිහිදන් කළ සොහොන සොයාගෙන තිබේ.
ඔහුගේ මරණය සිදුවූ වර්ෂ 1957න් පසුව වසර 62ක ඉතිහාසයක මෙම සොහොන සොයාගැනීමට නොයෙක් වර උත්සාහ කළද එය සාර්ථක නොවීය.
කෙසේ වෙතත්, මෙම සොයාගැනීම සිදුකළ ඔහුගේ නමින්ම පිහිටුවාගෙන ඇති සංවිධානයක් ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම සොයාගැනීම සම්බන්ධ අනාවරණය කළද, ඔවුන් එය කෙසේ කළේද යන්න පිළිබඳ තහවුරු කර නැත.
කෙන්යාව තුළ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව නැගී ආ මාවු මාවු අරගලයේ නායකයා ලෙස කිමාති සැලකෙයි.