මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට වූ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය වෙනුවෙන් පෙනී සිටින බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ එරට පාර්ලිමේන්තුවේ පැවති විශ්වාසය පළ කිරීමේ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කර තිබේ.
මෙය අගමැතිනිය මේ දක්වා සිදුකරන මෙම දැවැන්ත කාර්යභාරය බ්‍රිතාන්‍යයේ බහුතර මන්ත්‍රී මණ්ඩලය අනුමත කළ අවස්ථාවක් මෙන්ම, ඇය තවදුරටත් එරට අගමැතිනිය ලෙස පිළිගැනීමේ ජයග්‍රහණයක්ද වෙයි.
ජයග්රහණයෙන් පසුව අදහස් දැක්වූ තේරේසා මේ කියා සිටියේ, "මෙය ඉතා දීර්ඝ හා අභියෝගාත්මක දිනයක් වුණා. අවසානයේදී මගේ සහෘදයන් මා වෙනුවෙන් සහයෝගය දැක්වූවාට ස්තූතියි.
ඒ වගේම, තවත් පිරිසක් මට විරුද්ධවත් ඡන්දය පාවිච්චි කර තිබෙනවා. මම ඔවුන් පවසන දේටත් ඇහුම්කන් දීමට සූදානමින් සිටිනවා.
ඒ අනුව, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ජයග්රහණයෙන් කෙළවර කිරීමේ ගමනට අපි අවතීර්ණය වෙනවා. එය බ්‍රිතාන්‍ය ජනතාවටත්, අපේ රටටත් සුබ අනාගතයක් වෙනුවෙන් යොමුකළ යුතු වෙනවා." යනුවෙනි.