බ්‍රෙක්සිට් ක්‍රියාවලිය හෙවත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජනතාවගේ සහාය බලාපොරොත්තුවෙන් මහජන ලිපියක් නිකුත් කිරීමට අගමැතිනී තෙරේසා මේ කටයුතු කර තිබේ.
අගමැතිනිය පවසන්නේ මෙම එකඟතාව තුළින් බ්‍රිතාන්‍යයට වඩාත් පැහැබර අනාගතයක් උදාවන අතර, මෙය සමස්ත මහා බ්‍රිතාන්‍ය අලුත්වීමක් සහ යළි සමගි සම්පන්න වීමක් සිදුවන ක්‍රියාවලියක් බවයි.
මේ අතර, අදාළ එකඟතාව සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් නායකයන් බ්‍රසල්ස් හිදී විශේෂ සමුළුවකට සහභාගී වී සිටිති.
මේ අතර, යුරෝපා සංගමයේ ප්‍රධානී ඩොනල්ඩ් ටස්ක් පවසන්නේ සියලු රටවල් මේ සඳහා එකඟවිය යුතු බවයි.