පුද්ගලයන් 189 දෙනෙකුට මරු කැඳවමින් අනතුරට පත් බෝයිං 737 මැක්ස් ලයන් එයාර් ගුවන් අනතුරට හේතු කිහිපයක් බලපා ඇති බව අනාවරණය වෙමින් තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවට අනුව බෝයිං සමාගම, ලයන් එයාර් ගුවන් සමාගම මෙන්ම, යානය පැදවූ ගුවන් නියමුවන්ද මීට වගකිව යුතුව ඇත.
මෙම අනතුරින් මාස පහකට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් යානයක් අනතුරට පත්වූ අතර, මෙම යානයේ සැකසුමද අනතුරු ද්විත්වයටම හේතුවක් බව කියැවෙයි.
ඉන්දුනීසියානු බලධාරීන් විසින් සකස් කර ඇති මෙම වාර්තාවෙන් දෝෂ 9ක් පෙන්නුම් කර ඇති අතර, ඒ දෝෂ මගහරවා ගැනීමට ඉහත කී කණ්ඩායම් තුන කටයුතු කළේ නම් මෙවැනි ඛේදවාචකයක් සිදු නොවනු ඇති බවද ඔවුන් කියයි.