ඔස්ට්‍රේලියාවේ ක්වන්ටස් ගුවන් සේවය විසින් බෝයිං 737 NG ගුවන් යානාවල වාර්තා වූ ඉරි තැලීමක් සමග එම ගුවන් යානා සියල්ල ගොඩබෑමට කටයුතු කර තිබේ.
යානයේ අවර පෙති පවතින ස්ථානයෙහි මෙම ඉරි තැලීම ගුවන්යානා කිහිපයකම වාර්තා වීම නිසා අදාළ ගුවන් යානා භාවිත කරන සමාගම් කිහිපයක් ඒවා ගොඩබෑමට කටයුතු කරමින් සිටින බවද ක්වන්ටස් ගුවන් සේවය පවසයි.
මේ අතර, ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ ගෝලීය වශයෙන් ගුවන් යානා 50කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ගොඩබස්වා ඇති බවයි.
මෙම ඉරිතැලීම යානයේ ආරක්ෂාවට තරජනයක් බව සලකන බැවින්, මූලික ආරක්ෂක පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බවද ඔවුන් කියයි.
ඒ අනුව, මෙම යානා තවදුරටත් පියාසර කිරීමට සුදුසු මට්ටමේ පවතින බවට සහතික වනතුරු ඒ සියලු යානා ගොඩබස්වා තැබීමට පියවර ගන්නා බවද ක්වන්ටස් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.