බටහිර ඉවුරේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 17 හැවිරිදි ඊශ්‍රායල් නව යොවුන් වියේ තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
රීනා ෂ්නර්බ් නමැති ඇය, සිය සහෝදරයා වූ ඩ්වයර් සහ පියා වූ එයිටන් සමග කඳු තරණයකට එක්ව සිටියදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසයි.
මෙම ප්‍රහාරයෙන් ඇයගේ සහෝදරයා සහ පියා බරපතළ තුවාල ලැබුවත්, ඇය සිය දිවියට සමුදී ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පිපිරීමත් සමග ක්‍රියාත්මක වූ ඊශ්‍රායල් ආරක්ෂක අංශ හෙල්කොප්ටරයක් ආධාරයෙන් ඔවුන් සියලු දෙනා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර, ඒ වනවිටත් තරුණිය ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා සිටියේ මෙය අතිශය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.
ඔහු වැඩිදුරටත් කියා තිබුණේ ඊශ්‍රායල් නිජබිම් සියල්ල යළිත් අත්පත් කරගන්නා බවත්, ඔවුන්ගේ සතුරන් පරාජයට පත්කරන බවත්ය.