බංග්ලාදේශ මහ මැතිවරණයෙන් හිටපු අගමැතිනී ෂෙයික් හසීනා දැවැන්ත ජයග්රහණයක් ලබාගෙන ඇති බව එරට මැතිවරණ කොමිසම අද (31දා) නිවේදනය කරනු ලැබීය.
ඇයගේ පාලක පක්ෂය ඇතුළු සන්ධාන පක්ෂ විසින් මැතිවරණය සඳහා තරග කළ ආසන 300න් ආසන 288ක් ජයග්රහණය කර ඇති අතර, එය මීට පෙර ඔවුන් ලැබූ ජයග්රහණය තවදුරටත් ඉහළ නංවා ගැනීමක් බව කියයි.
කෙසේ වෙතත්, මෙම මැතිවරණය තරයේ හෙළා දකින විරුද්ධ පක්ෂය ප්රචණ්ඩක්රීයා, බියගැන්වීම් සහ මැතිවරණ දූෂණවලින් මෙම මැතිවරණය සම්පූර්ණයෙන් කොල්ල කෑ බව කියයි. මේ අතර, ප්රචණ්ඩක්රියා හේතුවෙන් අහිමි වී ඇති ජීවිත ගණන 17කි.
ඔවුන්ට ජයග්රහණය කිරීමට හැකිවී ඇත්තේ ආසන 7ක් පමණක් වන අතර, ඔවුන් නව මැතිවරණයක් ඉල්ලා සිටියි.
බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350ක් පවතින අතර, ඉන් 50ක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කෙරෙන්නේ සමස්ත ඡන්ද ප්රතිඵලයේ අනුපාතයකට අනුවය.