IS ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදිගේ මරණයෙන් පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයා බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබූ තැනැත්තාද සිය හමුදාව අතින් ඝාතනයට ලක් වූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකා එක්සත් ජනපද නායකයා මෙම අදහස් පළ කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් තබමිනි.
"අබු බකර් අල් බග්දාදිට පසුව ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ මීළඟ නායකයා බවට පත්වීමට සිටි අංක එකේ පුද්ගලයා ඇමෙරිකානු හමුදාවන් අතින් විනාශ වූ බව ස්ථිරවම මා ප්‍රකාශ කිරීමට කැමතියි." යනුවෙන් ට්‍රම්ප් පවසා ඇත.
කෙසේ වෙතත් මෙම චරිතය කවුරුන්ද යන්න ට්‍රම්ප් මෙහිදී සඳහන් කර නැතත්, බොහෝවිට ඔහු ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයා වූ අබු අල්හසන් අල් මුහාජිර් විය හැකි බව විදෙස් මාධ්‍ය විශ්වාසය පළ කර තිබේ.