අබු බකර් අල්-බග්දාදි අවසන් ගමන් ගිය එක්සත් ජනපද විශේෂ බලකා මෙහෙයුම අතරතුරදී IS සංවිධානයට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පෙන්ටගනය පවසයි.
එක්සත් ජනපදයේ ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මාර්ක් මිලී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙම අනාවරණය කළේය.
ඔවුන් මේ වනවිට ආරක්ෂිත ස්ථානයක රඳවා ඇති බවත්, බග්දාදිගේ සිරුරු කොටස් යළි සකස් කොට ඔහුගේ මෘත ශරීරය සකස් කර ඇති බවත්, එහි ඡායාරූප මුදාහැරීමට දැනට අදහස් කර නොමැති බවත් කීවේය.
විශේෂ බලකා මෙහෙයුම අතරතුර බග්දාදි සිය මරාගෙන මැරෙන ඇඳම් කට්ටලය පුපුරුවා හරිමින් ජීවිතක්ෂයට පත්විය.
විශේෂ ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගිය බග්දාදිගේ සිරුර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය මෙන්ම, DNA තහවුරු කරගැනීම සිදුකෙරුණා. ඔහුගේ බිඳී ගිය සිරුරු යළි සකස් කර තිබෙනවා. යැයි ජෙනරාල්වරයා කීය.
එක්සත් ජනපද හමුදාවේ ඉහළම නිලය ඔසවන ජෙනරාල් මිලී මෙම මෙහෙයුම සම්බන්ධ ඡායාරූප හෝ වීඩියෝ දසුන් ප්‍රසිද්ධ කිරීමක් දැනට සිදු නොවන බව කීවද, ට්‍රම්ප් කියා තිබුණේ මෙහෙයුම සම්බන්ධ ඇතැම් දසුන් ඇතැම් විට ප්‍රසිද්ධ කරනු ඇති බවයි.
මේ අතර, අත්අඩංගුවට පත් වූ දෙදෙනා සම්බන්ධයෙන් වැඩි විස්තරයක් නොකළ අතර, ට්‍රම්ප් පැවසූ ආකාරයෙන් බග්දාදි කෑමොර දෙමින් දිව ගියේද යන්න ජෙනරාල්වරයාගෙන් අසා සිටි විට ඔහු කියා සිටියේ, ජනපතිවරයා මෙහෙයුමේ ඉදිරි පෙළ භටයන් සමග සෘජුවම කතා කළ බැවින් ඔහු එම තොරතුර තහවුරුව පවසන්නට ඇති බවයි.