පිලිපීනයට මෙම වසරේ බලපෑ ප්රබලතම සුළි කුණාටුව, මැන්ග්හුට් හි අකාරුණිකකම් මේ වනවිට එරට ජනතාව මුහුණදෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට මිනිස් ජීවිත 25ක් පමණ අහිමි වී ඇති බව ගණන් බලා ඇති අතර, මාර්ග රැසක් වසා දමා ඇති අතර, ගම්බද පෙදෙස්වලට මින් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා නොවන බවද කියැවෙයි.
විශේෂයෙන්ම එරට කෘෂිකාර්මික අතින් සමෘද්ධිමත් ප්‍රදේශයක් ලෙස සැලකෙන කගායන් පළාතේ වගාබිම් රැසකට මෙම සුළි කුණාටුව හේතුවෙන් හානි සිදුවී තිබේ.
අති ප්‍රබල සුළං දහරාවක් සම කිලෝමීටර් 900ක වර්ෂා කලාපයක් ඇති කරමින් එය මේ වනවිට දකුණුදිග චීනය වෙත ඇදී යන බව කාලගුණි විද්‍යාඥයෝ පවසති.
ඒ අනුව, සුළි කුණාටුව හොංකොං රාජ්‍යයටද ප්‍රබල බලපෑමක් සිදුකර ඇති අතර, ජනතාවට සූදානමින් සිටින ලෙස අවවාද කර තිබේ.
පිලිපීනයේ ප්‍රධාන දූපත වන ඊසානදිග ලූසොන් දූපතේ, බැගාවෝ ප්‍රදේශයෙන් කුණාටුව ගොඩබිම කරා පැමිණ ඇත්තේ සෙනසුරාදා අලුයම 1.40ට පමණය.
එය ආරම්භයේදී සුපිරි සුළි කුණාටුවක් ලෙස පැවතියත් ගොඩබිම කරා පැමිණෙන විට එහි බලය යම් දුරකට අඩපණව පැවති නිසා හානිය තරමක් හෝ අවම වී ඇත
සුළි කුණාටුව ගමන් කළ මාර්ගයේ අවම වශයෙන් මිලියන 5ක පමණ ජනතාවක් ජීවත් වන අතර, තවත් 100,000ක පමණ ජනතාවක් මුඩුක්කු ආදී ශක්තිමත් නොවූ නිවාසවල ජීවත් වෙති.
ඒ අනුව, මෙම ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම ඔවුන් වෙත තදින්ම දැනෙන්නට ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.