පිලිපීනයට බලපෑ භූ කම්පනයෙන් මියගිය පිරිස 7දෙනෙකු පමණ වන බවත්, රික්ටර් පරිමාණ 6.6ක භූ කම්පනය දකුණුදිග පිලිපීනයේ ගොඩනැගිලි රැසකට හානි කළ බවත් විදෙස් වාර්තා පවසයි.
මීට සතියකට පෙර මෙම ප්‍රදේශයටම බලපෑ කම්පනයකින් තවත් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටි බවද සඳහන් වෙයි.
භූ කම්පනයේ අපිකේන්ද්‍රය කොටාබෝටා පළාතේ, ටුලූනන්ට් නගරයෙන් වාර්තා වී ඇති අතර, එය මැනිලා අගනුවරට දකුණුදිගින් පිහිටි ප්‍රදේශයක් බව කියයි.