දේශගුණික විපර්යාස වෙනුවෙන් සටන් වදින කණ්ඩායමට තවදුරටත් සම්මාන හෝ මුදල් තෑගි අවශ්‍ය නොවන බව පවසමින් පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් තමාට පිරිනැමුණු සම්මානයක් හා මුදල් ත්‍යාගයක් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම සම්මානය තමා වෙත පිළිගැන්වීම මහත් ගෞරවයක් බව පැවසූ ඇය, එය ප්රදානය කළ නෝර්ඩික් කවුන්සිල් ආයතනයට සිය ස්තූතිය පුදකර ඇත.
නමුත්, දේශපාලනඥයන් සහ බලයේ සිටින පිරිස් දැන් කළ යුතු වන්නේ, ඇස් පනාපිටම පෙනෙන දේ ඇහුම්කන් දීම බව ඇය කියයි.
මෙවර නොබෙල් සාම ත්‍යාගයද ඇය වෙත හිමිවනු ඇති බව ඇතැමෙකු විශ්වාස කළද, එය ඉතියෝපියානු නායක අබී අහ්මඩ් වෙත පිරිනැමුණි.