දුම්රිය ටිකට් පරීක්ෂකවරුන්ගෙන් බේරීම සඳහා දුම්රිය මාර්ගයක් දිගේ දිවයන පුද්ගලයෙකු ප්රංශයේ, පැරීස් නගරයේදී ඇස ගැටුණු පුවතක් වාර්තා වෙයි.
පැරීසිය වැනි රටක මෙවැනි සිදුවීම් දුලභ වන අතර මේ ආකාරයෙන් හොරෙන් දුම්රියෙන් ගමන් කරන්නන් පිළිබඳ වාර්තා වන්නේ ඉතා අඩු වශයෙනි.
කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා විදුලි දුම්රිය ධාවනය වන දුම්රිය මාර්ගයේ අනාරක්ෂිතව දිවගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මේ නිසා දුම්රිය පාලනාධිකාරිය විසින් එම මාර්ගයේ දුම්රිය හදිසි තත්ත්ව යටතේ නැවැත්වීමටත්, මාර්ගයට සපයා ඇති විදුලිය විසන්ධි කිරීමටත් කටයුතු කර තිබේ.
මෙම සිදුවීමෙන් පැය භාගයකට ආසන්න කාලයක් දුම්රිය ප්රමාද වී ඇති අතර, අවසානයේදී මෙම පුද්ගලයා අත්ඩංගුවට පත්ව තිබේ.
පැරීසියේ දුම්රියක ටිකට් පතක් නොමැතිව ගමන් කිරීමේ දඩය ඇ.ඩො.55ක් (රු.10,000කට ආසන්න අගයක්) වන බව කියයි.