ප්‍රංශයේ තෙල් මිල ඉහළ යෑමට විරෝධය පළ කරමින් පැරිස් නුවර විරෝධතා දැක්වූවන්ට ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් දැඩි දෝෂාරෝපණයක් එල්ල කරයි.
පොලිස් නිලධාරීන් වෙත පහරදුන් පිරිස් සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හෙතෙම පවසා ඇත.
එමෙන්ම, ප්‍රංශය තුළ ප්‍රචණ්ඩක්‍රියාවලට කිසිදු ඉඩක් නොමැති බවද ඔහු අවධාරණය කර තිබේ.
ප්‍රංශයේ චැම්ප් එල්සීස් හිදී සෙනසුරාදා පැවති උද්ඝෝෂණය අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග උද්ඝෝෂණය ප්රචණ්ඩ ස්වරූපයක් ඉසිලීය.
විශේෂයෙන්ම ඩීසල් සම්බන්ධයෙන් මෑතකදී පැනවූ අධික බදු විරෝධතාකරුවන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර, මේ තත්ත්වය තුළ ප්‍රංශය තුළ ඉහළ යන ජීවන වියදම සම්බන්ධයෙන් ජනතා නැගිටීම්ද විද්‍යමාන වී යැයි විදෙස් වාර්තා පැවසීය.