යුරෝපය පුරා ඇතිවී තිබෙන උණුසුම් වායු දහරා සමග ප්‍රංශය එදාමෙදා තුර ඉතිහාසයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 45.8ක සීමාවට පැමිණ තිබේ.
ප්‍රංශයේ දකුණුදිග නගරයක් වන ගැලගීස්-ලේ-මොන්ටෝව් නගරයේදී මෙම වාර්තාගත උණුසුම සලකුණු වී ඇති බව එරට කාලගුණික අංශ පවසයි.
මීට පෙර 2003 වසරේදී ඇති වූ උණුසුම් වායු දහරා සමග ප්‍රංශයේ ඉහළම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 44.1ක් වර්තා විය. එම අවස්ථාවේදී මිනිස් ජීවිත දහස් ගණනක් අහිමි විය.
මේ අතර, ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සෑම අයෙකුටම දැඩි අවදානමක් ඇති කරන තත්ත්වයක් බවයි.
එහිදී, ප්‍රංශයේ කාලගුණික අංශ විසින් ප්‍රදේශ හතරකට රතු අවදානම් නිකුත් කර ඇති අතර, සෙසු ප්‍රදේශ රැසකට තැඹිලි අවදානම් හෙවත් දෙවැනි උපරිම උෂ්ණත්ව තත්ත්වයක් නිකුත් කර තිබේ.