වඩාත් සාර්ථක ලෙස කොවිඩ්-19 වසංගතය පාලනය කරන රටවල් අතර ප්රංශයද එක්වෙමින් මේ වනවිට එරට එළිමහන් තැන්වල මුඛ ආවරණ භාවිතය අවශ්‍ය නොවන බව ප්‍රංශ අග්‍රාමාත්‍ය ජීන් කැස්ටෙක්ස් නිවේදනය කරයි.
මේ විස්මිත පියවරෙන් ප්‍රංශ ජනතාව උද්දාමයට පත්වූ අතර, මීට පෙර ප්‍රංශ ජනතාවට ලබන ජූලි මාසය වනතුරු වනතුරු නාසය හා මුඛය ආවරණය කරමින් සිටීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කළේය. නමුදු සෞඛ්‍ය තත්ත්වය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වේගයෙන් වර්ධනය වී ඇති බව පවසමින් රජය එළිමහනේ මුඛ ආවරණ පැලඳමේ අවශ්‍යතාව අවසන් කර ඇත.
මාර්තු සහ අප්‍රේල් මාසවල තුන්වැනි ආසාදන රැල්ලට පසුව ප්‍රංශය පසුගිය මාසය තුළ රෝගීන්, බරපතළ තත්ත්වයන්, රෝහල්ගත කිරීම් සහ මරණවල ශීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කරන්නේ එරට වේගවත් එන්නත්කරණ ක්‍රියාවලියත් සමගිනි.
කෙසේ වෙතත් සාප්පු, බැංකු, සිනමා ශාලා සහ කාර්යාල වැනි සංවෘත ස්ථානවල මුඛ ආවරණය තවමත් අනිවාර්ය වන අතර, පොදු ප්‍රවාහනයේදී නාසය සහ මුඛය ආවරණ අනිවාර්ය වෙයි.
එමෙන්ම 2020 දෙසැම්බර් මාසයේ සිට ප්‍රංශයේ සෑම දිනකම රාත්‍රී කාලයේ පනවා තිබූ ඇඳිරි නීතියද ජුනි 30දා සිට අවසන් වන බව අගමැතිවරයා කියා සිටියේය. එනමුදු මුඛ ආවරණ නීතිය ලිහිල් කළද, ප්‍රංශ රජය කනස්සල්ලට පත්ව ඇති කරුණක් වන්නේ ඩෙල්ටා ප්‍රභේදයයි.