ටැන්සානියාවේ ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථයක් පිපිරීමන් පුද්ගලයන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 70ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඡායාරූපවල විශාල දුමාරයක් සමග සුන්බුන් අවට විසිරී ඇති ආකාරයත්, අඟුරු වී ගිය මළ සිරුරුත් දැකිය හැකි බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රධාන මාර්ගයේ ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථය පෙරළී යාමත් සමග ඉන් ඉන්ධන එකතු කිරීමට ගිය පිරිස් මෙම පිපිරීමට ගොදුරුව ඇති බව පොලීසිය පවසයි.
මොරොගෝරා පළාතේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, මීට පෙරද රටවල් රැසක මෙවැනි අඥාන ක්‍රියාවන් නිසා මිනිසුන් සිය ගණනින් ජීවිතක්ෂයට පත්ව තිබියදීත් මෙම සිදුවීම වාර්තා වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.