චීනයේ නැගෙනහිර වෙරළ කලාපය වෙත පැමිණෙන ප්රබල සුළි කුණාටුව හමුවේ චීන කාලගුණික අංශ විසින් රතු අවදානමක් ප්රකාශයට පත්කර තිබේ.
සිකුරාදා දිනයේදී තායිවනය වෙත බැටදුන් ලෙකීමා සුළි කුණාටුව පැයට කිලෝමීටර් 190ක පමණ සුළං තත්ත්වයක් ඇතිකර තිබුණු අතර, එය සෙනසුරාදා (10දා) දිනයේදී චීනය වෙත ඇතුළු වීමට නියමිතය.
මේ අතර, හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා සහන කණ්ඩායම් සහ හදිසි ප්රතිචාර කණ්ඩායම් සූදානම් කිරීමටද චීන බලධාරීන් කටයුතු කර ඇත.
මේ අතර, වෙරළ කලාපයේ සිටින ජනතාවට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දන්වා ඇති අතර, ඒ සඳහා බලධාරීන් විසින් පහසුකම් සලසා තිබේ.
මෙම වසරේදී සුපිරි සුළි කුණාටුවක් බවට පත්වෙමින් බැටදෙමින් කඩා වදින නවවැනි සුළි කුණාටුව ලෙස ලෙකීමා සැලකෙයි.