චීනයේ ප්‍රබල තාක්ෂණික සමාගමක නිර්මාතෘවරයෙකුගේ දියණිය කැනඩාවේදී අත්අඩංගුවට පත්ව ඇමෙරිකා එක්සත් ජනපදයට පිටුවහල් කළ පුවතක් වාර්තා වෙයි.
මෙන්ග් වැන්සෝ, හුවාවේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා මෙන්ම නියෝජ්‍ය සභාපතිවරයාද වන අතර, ඇය පසුගිය දෙසැම්බර් 01 වැනිදා වැන්කූවර් නගරයේදී අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා නොවූවත්, මෙය ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක උල්ලංඝනය කිරීමක් නිසා සිදුවූවක් විය හැකි බව කියයි.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කැනඩාවේ චීන තානාපති කාර්යාලය දැඩි විරෝධයක් දක්වා ඇති බවද විදෙස් වාර්තා පවසයි.