බංග්ලාදේශ මහ මැතිවරණය අද (30දා) අවසන් වූයේ පාලක පක්ෂය සහ විරුද්ධ පක්ෂ අතර දරුණු ප්රචණ්ඩක්රියා ඇති කරමිනි.
මෙම ප්රචණඩක්රියා හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසන අතර, වත්මන් අගමැතිනී ෂෙයික් හසීනා සිය තෙවැනි ධුර කාලය සඳහාද සූදානමින් සිටින බව කියැවෙයි.
කෙසේ වෙතත්, බංග්ලාදේශ මැතිවරණ කොමිසම රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ රට පුරා දරුණු මැතිවරණ දූෂණ වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇති බවයි.
මේ අතර, හසීනාගේ ප්රධාන ප්රතිවාදියා මේ වනවිටත් බන්ධනාගාරගතව සිටින්නේ පාලක පක්ෂය විසින් එල්ල කර තිබූ දූෂණ චෝදනාවන්ට වරදකරු වෙමිනි.