ඉංග්රීසි ඕඩය පියාසර පුවරුවක් මත නැගී තරණය කිරීමට ගත් ප්රථම උත්සාහය අසාර්ථක වූ ෆ්රැන්කි සපාටාගේ දෙවැනි උත්සාහය සාර්ථක වී තිබේ.
ජෙට් එන්ජිමකින් බලගැන්වෙන පියාසර පුවරුව මත නැගී ඔහු විනාඩි 22කින් සැතපුම් 22ක දුරක් පැයට සැතපුම් 100කට වැඩි වේගයකින් ගමන් කරමින් ඉතා සාර්ථකව ඉංග්රීසි ඕඩය තරණය කළ බව විදෙස් වාර්තා පවසයි.
ප්රංශ ජාතික නව නිර්මාණකරුවෙකු වන ෆ්රැන්කි අද (04දා) උදෑසන මෙම දස්කම දක්වා ඇති අතර, මීට වසර තුනකට පෙර තමන් නිපදවූ මෙම පියාසර පුවරුව මෙවැනි වික්රමයක් කිරීම ගැන තමන් පුදුම වන බව කියා තිබේ.
කෙසේ වෙතත්, මෙම පියාසර තරණය එක් ගමන් වාරයකට පමණක් සීමා නොවූයේ, ඔහු සතු ඉන්ධන විනාඩි 10ක ගමනකට පමණක් ප්රමාණවත් වූ බැවිනි.
ඒ නිසා සිය ගමන් මග අතරතුර මුහුද මැද නැවතී ඉන්ධන පුරවා ගැනීමට ඔහුට සිදුව ඇති අතර, පසුගිය ජූලි මාසයේදී ඔහු මෙසේ නැවත ඉන්ධන පිරවීමට ගොඩබාන අවස්ථාවේදී මුහුදට වැටී සිය වික්රමය අතරමග නැවතුණි.
ඒ අනුව, මෙවර යළි ඉන්ධන පිරවුම් වේදිකාව සඳහා තරමක් විශාල වේදිකාවක් මුහුද මැද යොදාගෙන තිබුණේ රළ පහර සමග ඒ මතට ගොඩබෑම පහසු කරනු සඳහාය.