පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් විදුලි සෝපානයක් තුළ විනාඩි 25ක පමණ කාලයක් සිරවී ඇති බවත්, ගිනි නිවන හමුදා කැඳවා තමන් ඒ තුළින් පිටතට ගත් බවත් එතුමන් පවසා තිබේ.
මේ හේතුවෙන් වතිකානුවේ ශාන්ත පීටර්ස්බර්ග් චතුරස්රයේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන් ඇමතීමට පැමිණීමට විනාඩි 7ක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් එතුමන් ඔවුන්ගෙන් සමාව ඉල්ලා ඇත.
මෙය විදුලි ඇණහිටීමක් නිසා සිදුවූවක් බව පේනවා දෙන පාප්තුමන්, මේ අවස්ථාවේදී දේව දූතයන් ලෙස පැමිණි ගිනි නිවන භටයන්ට ස්තූතිවන්ත වී තිබේ.
ඉරිදා දේවමෙහෙයේදී ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ලෝක නායකයන් කඩිනම් පියවර ගත යුතු බවද පාප් තුමන් දැඩිව අවධාරණය කළ බව විදෙස් වාර්තා පවසයි.