එක්සත් ජනපදයේ, පෙන්ටගන්හි තෙවැනි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙන්ම, එරට ආරක්ෂක සේවා දෙපාර්තමේන්තු ප්‍රධානී කෙවින් ස්වීනරි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සිය ධුරයෙන් ඉවත්වීමට මසක් ගතවීමටත් පෙර මෙම සමුගැනීම වාර්තා වීමද විශේෂත්වයකි.
රියර් අද්මිරාල් ස්වීනරි නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, පෞද්ගලික අංශයේ රැකියාවක් සඳහා යොමුවීමට මෙය හොඳ අවස්ථාවක් බැවින් තමන් ඒ වෙත යොමුවන බවයි.
ඇමෙරිකානු සෙබලුන් සිරියාවෙන් ඉවත්කර ගන්නා බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් පසුව මේ වනවිට පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වී තිබේ.
2017 ජනවාරි මාසයේදී මෙම ධුරයට පත්වූ රියර් අද්මිරාල් ස්වීනරි වසර දෙකක කාලයක් සිය ධුරය දැරීමෙන් පසුව මෙසේ සමුගෙන යයි.