ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය සහ ඔහුගේ උපදේශකයෙකු වන ඉවන්කා ට්‍රම්ප් තම පෞද්ගලික ඊමේල් ලිපිනය භාවිත කළේ යැයි පවසන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඇය පවසන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ හිලරි ක්ලින්ටන් සම්බන්ධ ඊමේල් ගනුදෙනුව හා තම ක්‍රියාව කිසිසේත්ම සැසඳිය නොහැකි බවයි.
ඒ.බී.සී. පුවත් සේවය සමග සාකච්ඡාකට එක්වෙමින් ඇය පවසා තිබුණේ, තමන්ගේ සියලුම ඊමේල් පණිවුඩ සුරක්ෂිතව සහ ආරක්ෂිතව තැන්පත්ව පවතින බවයි. එමෙන්ම, ඒ එකදු ඊමේල් පණිවුඩයක්වත් මකා දමා නොමැති බවද ඇය කියයි. එමෙන්ම, ඒවා උවමනාවෙන් සැඟවීමේ අවශ්‍යතාවක් නැතැයිද ඇය කියයි.
ට්‍රම්ප් පරිපාලනයේ සෙසු සාමාජිකයන් සමග සම්බන්ධ වීමට ඉවන්කා 2017 වසරේදී අවස්ථා 100කට වඩා වැඩියෙන් සිය පෞද්ගලික ඊමේල් ගිණුම පාවිච්චි කර ඇති බවට චෝදනාව එල්ල විය.
එවැනිම චෝදනාවක් මීට පෙර හිලරි ක්ලින්ටන් වෙත යොමුවූයේ ඇය ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ අවධියේදී සිය පෞද්ගලික ඊමේල් ගිණුම සිය රාජකාරී පණිවුඩ හුවමාරු කිරීමට භාවිත කළ බව පවසමිනි.