සී.අයි.ඒ. සංවිධානයේ පරිගණක ජාලය වෙත රහසේ ඇතුළු වී පිටසක්වල ජීවීන් පිළිබඳව තතු සොයා බැලුවත් එවැනි කිසිදු තොරතුරක් තමාට හමු නොවූ බව හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වූ එඩ්වඩ් ස්නොව්ඩන් පවසයි.
එක්සත් ජනපද රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සඳ තරණයට අදාළ තොරතුරු සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පළ කළ තොරතුරු සත්‍යයක් බවයි.
ඔහු සිය නවතම අනාවරණය අනුව පෙන්වා දෙන්නේ පිටසක්වල ජීවීන් පෘථිවිය සමග සබඳතා පැවැත්වූ බවට කිසිදු සාක්ෂියක් මේ වනතෙක් හමුවී නොමැති බවයි.
එහෙන්ම, එක්සත් ජනපද බුද්ධි අංශ විසින් ඔවුන් සමග සබඳතා පවත්වන බවට පළවන තොරතුරු සත්‍යයෙන් තොර බව ඔහු අවධාරණය කරයි.
ඇමෙරිකානු බුද්ධි තොරතුරු අනාවරණය කළ බවට චෝදනා ලැබ සිටින ස්නොව්ඩන් මේ වනවිට රුසියාවේ ජීවත් වන අතර, ඔහුගේ පෙම්වතියද එරටට ගොස් දැන් ඔහු සමග විවාහ වී සිටියි.