ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ ගැඹුරු හා පටු කුහරයක සිරවුණු සුජිත් විල්සන් නමැති 2 හැවිරිදි ළදරුවා බේරාගැනීමේ මෙහෙයුම් තුන් වැනි දින දක්වාත් ඇදී ගොස් තිබේ.
මුලින් අඩි 30ක් පමණ ගැඹුරට දරුවා වැටී තිබුණත්, ක්‍රමයෙන් අඩි 180ක් පමණ ගැඹුරට ඔහු ඇදී ගොස් ඇති බව මෙහෙයුම් සිදුකරන පිරිස් පවසති.
දරුවා සිටින ස්ථානය වෙත හැකි තරම් ඔක්සිජන් ලබාදීමට මුදාගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටියත්, එම පටු සිදුර තුළ දරුවාගේ තත්ත්වය සම්බන්ධයෙන් තවමත් නිවැරදි අවබෝධයක් ලබාගනීමට ඔවුන්ට නොහැකි වී තිබේ.
ඒ අනුව, මේ වනවිට පොළොව විදුම් සඳහා යොදාගන්නා විශාල යන්ත්‍රයක් ඇසුරෙන් එම දරුවා සිරවූ කුහරයට ආසන්නයෙන් තවත් විශාල විදුමක් සිදුකරමින් තිබුණද, විශාල ගලක් මතුවීම නිසා එය යම් තරමකින් ඇණහිට තිබේ.
එහිදී, තම දරුවා බේරාගෙන ඉහළට ගැනීම සඳහා දරුවාගේ මව විසින් රෙදි උරයක් මසන ආකාරය දැක්වෙන ඡායාරූපද විදෙස් වාර්තාවල දැක්විණි.
ඉන්දියාව දීපවාලී උත්සවය සමරන මෙහොතක සිදුවූ මෙම විපතින් එරට සමාජ මාධ්‍ය තුළ සුජිත් වෙනුවෙන් බොහෝ දෙනෙකු සටහන් තබා ඇත.