පාකිස්තානයේ කරච්චි නුවර සිට රාවල්පින්ඩි දක්වා ගමන් කළ මගී දුම්රියක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 65 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට දුම්රිය අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහ්මඩ් කියා සිටියේ දුම්රියේ ගමන් කළ මගියෙකු උදෑසන ආහාරය සකස් කරගැනීමට උත්සාහ කිරීමේදී ගෑස් ටැංකියක් පිපිරීමෙන් මෙම ගින්න ඇතිවී තිබෙන බවයි.
මෙම ගින්නෙන් දුම්රියේ මැදිරි තුනක් සම්පූර්ණයෙන්ම දැවී ඇති ඉවත්, මියගිය වැඩි පිරිස ගමන් කරමින් පැවති දුම්රියෙන් පැනීමට උත්සාහ කිරීමෙන් ජීවිතක්ෂයට ප්තව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පවසයි.
මෙම අනතුරින් තවත් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූවන් සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවද සඳහන් වෙයි.
මෙවැනි දීර්ඝ ගමන්වලදී මගීන් තම ගමන් වියදම් අඩුකර ගැනීමට දුම්රිය තුළම ආහාර පිසීමට උත්සාහ කිරීම පාකිස්ථානය තුළ දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇතිකර තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.
මියගිය පිරිසෙන් වැඩි දෙනා සුන්නි මුස්ලිම්වරුන්ගේ සමුළුවක් සඳහා සහභාගී වීමට ගමන් කරමින් සිටි පිරිසක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.