පාකිස්තානයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක ජ්‍යෙෂ්ඨයෙකු නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
46 හැවිරිදි සයීද් අලි රාසා අබීදි කරච්චි නුවර සිය නිවසින් පිටත වාහනයේ සිටියදී මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ නත්තල් දිනට පසු දිනය.
පාකිස්ථනායේ මුට්ටාහිඩා ක්වාමි ව්‍යාපාරය නමැති පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ඔහු, පසුගිය සැප්තැම්බර් මාසයේදී පෞද්ගලික හේතූන් මත ඉන් ඉවත්ව තිබුණි.
පසුගිය ඉරිදා දිනයේදී පාක් සරස්මීන් පක්ෂයේ සාමාජිකයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමේ උණුසුම පහව යන්නටත් පෙර මෙම මරණය සිදුව තිබුණි.
ඔහු නිවසට පැමිණෙමින් සිටියදී මෙම නාඳුනන තුවක්කුකරුවන් ඔහුගේ මෝටර් රථය වෙත ඉවක් බවක් නොමැතිව වෙඩි තබා ඇති අතර, පසුව ඔවුන් යතුරුපැදිවල නැගී පළාගොස් තිබේ. අබිදි පසුව රෝහල්ගත කළත් ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණු බව පාකිස්තාන මාධ්‍ය පවසයි.