නවසීලන්තයේ ක්රයිස්ට්චර්ච් ප්රහාරයෙන් පසුව එරට ජනතාව අතර ඇති ගිනි අවි යළි රජය වෙත මිලදී ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, මෙම ප්රහාරයෙන් පසුව තහනම් කරනු ලැබූ අර්ධ ස්වයංක්රීය ගිනි අවි මිලදී ගැනීම සඳහා ඇ.ඩො.මිලියන 136ක් වෙන් කර ඇත.
මෙම ප්රහාරයෙන් පසුව අදාළ ගිනි අවි තහනම් කිරීමේ නීතිය නවසීලන්ත පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පසුගිය මාර්තු මාසයේදී ක්රයිස්ට්චර්ච් මුස්ලිම් දේවස්ථාන වෙත ඇතුළු වූ සුදු ජාතිකයෙකු සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙම ප්රහාරය ඔහු සජීවීව ෆේස්බුක් ලයිව් ඔස්සේ ප්රචාරය කළ අතර, මෙය වඩාත් සාමකාමී පරිසරයක් ඇති නවසීලන්තය තිගැස්මකට ලක්කළ සිදුවීමක් විය.