නවසීලන්තයේ, ස්ටිවර්ට් දූපතේ වෙරළට ගොඩගසා සිටි පයිලට් තල්මසුන් 150කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහි ඇවිදීමට ගිය අයෙකු පසුගිය සෙනසුරාදා මෙම සතුන් දැක තිබුණු අතර, ඔවුන් මේසන් බේ වෙරළ තීරය දිගට ගොඩගසා සිටි බව කියැවෙයි.
බලධාරීන් සඳහන් කළේ ඒ වනවිටත් තල්මසුන්ගෙන් අඩකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටි බවය. අනෙකුත් සතුන් බේරාගැනීමට දැඩි පරිශ්රමයක් දැරූවද එම සතුන්ද මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙයි.
පසුගිය සති අන්තයේදී පිග්මි වර්ගයේ තල්මසුන් 12 දෙනෙකුද නවසීලන්ත වෙරළකට ගොඩගසා සිටියදී මියගිය පුවතක් මේ සමගම වාර්තා විය.