ග්වතමාලාවේ කඳු ශිඛරයක් තනිවම තරණය කර, නිරුවතින් සූර්ය නමස්කාරය කිරීමට ගියේ යැයි සැකකෙරෙන බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් කඳු මුදුනින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි කැතරීන් ෂොන් නමැති තරුණියකි. ඇගේ නිරුවත් සිරුර කඳු පාමුල තිබී සොයාගෙන ඇති අතර, සිරුරු හමුවන අවස්ථාව වනවිට ඇය මියගොස් දින 6කට වැඩි කාලයක් වන බව විශ්වාස කෙරෙයි.
ඔක්ස්ෆර්ඩ්ෂෙයර් හි පදිංචිකාරියක වන මෙම තරුණිය තනිවම ස්වභාවික පරිසරයන් වෙත සංචාරයට ඇලුම් කළ අයෙකු බවත්, ඇය යෝගා උපදේශිකාවක ලෙස කටයුතු කර ඇති බවත් සඳහන් වෙයි.
ඇගේ හිස් කබලට සහ ශරීරයට බරපතළ හානි සිදුවීමෙන් ඇගේ මරණය සිදුව ඇති නමුත්, මෙම මරණය හා තෙවැනි පාර්ශ්වයක සබඳතාවක් මරණ පරීක්ෂණයේදී හෙලි වී නොමැති බවද කියැවෙයි.