කොවිඩ්-19 වසංගතයට එරෙහිව ලොවට එන්නත් ලබාදීමේ සැලකිය යුතු සැලසුමක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහනේ ප්‍රධානී මාර්ක් ලොකොක් G7 රටවලට චෝදනා කළේය.
හෙතෙම සඳහන් කළේ ඊළඟ වසර තුළ එන්නත් මාත්‍රා බිලියනයක් ලබාදීමේ G7 පොරොන්දුව එම රටවල හැටියට සැලකිය යුතු දෙයක් නොවන බවයි.
"ධනවත් රටවල සිට දුප්පත් රටවල් වෙත මේ වගේ කුඩා පරිත්‍යාගයක් ලබාදීම බරපතළ සැලැස්මක් ලෙස දකින්න බැහැ. එමගින් වසංගතය අවසන් කළ හැකි වෙතැයි සිතීමටත් බැහැ" පසුගියදා ධුරයෙන් ඉවත්ව ගිය ලෝකොක් පැවසීය.
"G7, අත්‍යවශ්‍යයෙන්ම, අවශ්‍යතාව පෙන්වීමට සම්පූර්ණයෙන්ම අසමත්ව ඇති බව මේ මොහොතේ සඳහන් කළ යුතුයි." හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.