ධනවතෙකුට තමන් සතු සියලුම ධනස්කන්ධය එකවර රැගෙන යා හැකි විශේෂ සුපිරි යාත්‍රාවක් මේ වනවිට කරලියට පැමිණ තිබේ.
අඩි 217ක් දිග මෙම විශේෂ යාත්‍රාව නාවුක සැතපුම් 22.5ක වේගයකින් ගමන් කළ හැකි අතර, මෙහි කාර්ය මණ්ඩලයේ නාවිකයන් 20 දෙනෙකු සේවය කරයි.
Hodor ලෙස නම් කර ඇති මෙම යාත්‍රාව සතුව අමුත්තන් සඳහා වෙන්වූ කාමරයක්, හෙලිකොප්ටරයක් සහ හෙලි පෑඩයක්, ජෙට් ස්කී සඳහාම අවස්ථාව, ක්වොඩ් බයික් අත්දැකීමක් මෙන්ම, කුඩා බෝට්ටු 5කින්ද මෙය සන්නද්ධ වෙයි.
එමෙන්ම, යාත්‍රාවේ යම් දෝෂයක් හෝ එහි වූ සෙසු ආම්පන්නවල දෝෂයක් වුවහොත් ඒවා එකලස් කිරීම සඳහා ගරාජයක් මෙන්ම, ඊටම වෙන්වූ රෝහලක්ද මෙම යාත්‍රාව සතුය.
ඔස්ට්‍රේලියානු සමාගමක් විසින් මෙම යාත්‍රාව නිෂ්පාදනය කර ඇති අතර, මෙය සුපිරි ධනවතුන්ගේ සිත් පැහැරගන්නා යාත්‍රාවක් බව කියැවෙයි.