ලොව පුරා ට්විටර් සමාජ ජාලය තුළ දේශපාලන දැන්වීම් පළ කිරීම තහනම් කිරීමට තීරණය කළ බව සමාගමේ ප්‍රධාන විධායක ජැක් ඩෝර්සි පවසයි.
"අන්තර්ජාල දැන්වීම්කරණය වර්තමානයේදී ඉතා ප්‍රබල හා වඩාත් ඵලදායී වාණිජ ප්‍රචාරණ මාධ්‍යයක් බවට පත්ව තිබුණත්, මෙම ප්රබලත්වයම දේශපාලනයට දැඩි අවදානමක් ගෙන දී තිබෙනවා" ජැක් ඩෝර්සි පවසයි.
සමාජ ජාල තරගකාරී සමාගමක් වූ ෆේස්බුක් සමාගමද දේශපාලනික දැන්වීම් ප්‍රචාරණය මෑතකදී නවතා දැමීමට කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම තහනම ගැන වූ පුවත සම්බන්ධයෙන් 2020 ඇමෙරිකානු මැතිවරණ කඳවුරුවල බෙදීමක් දැකගත හැකි බව සඳහන් වෙයි.
එහිදී, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙවර මැතිවරණයේ ප්රචාරක කටයුතු භාර කළමනාකාර බ්‍රැඩ් පාර්ස්කේල් පවසන්නේ, ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂය යළි බලයට පැමිණීම වැළැක්වීමට දරණ උත්සාහයක් බවයි.
මේ අතර, ඩිමොක්රටික් අපේක්ෂකත්ව කඳවුරේ ප්‍රබල තරගකරුවෙකු වන ජෝ බයිඩන්ගේ ප්රචාරක කටයුතු භාර ප්‍රකාශකයෙකු වූ බිල් රුස්සෝ පවසා සිටියේ, රටේ ප්රජාතන්ත්රවාදය ඩොලර් සහ අවංකභාවය යන තේරීම් දෙක මත දෝලනය වීමේදී, ඩොලර් සෑම විටම ජයග්‍රහණය නොකන බව ප්‍රකට වීම හොඳ තත්ත්වයක් බවයි.