ඉන්දියාවේ දිල්ලි අගනුවර වාතාශ්‍රය දැඩි ලෙස අපවිත්‍ර වීම නිසා මිලියන 5කට අධික මුඛ ආවරණ එහි පාසල් දරුවන් වෙත බෙදාදීම සිදුව තිබේ.
එමෙන්ම, සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වනවිට දිල්ලි නුවර අපවිත්‍ර වාතය සම්බන්ධයෙන් හදිසි සෞඛ්‍ය අවදානමක්ද නිකුත් කර තිබේ.
එමෙන්ම, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අයහපත් පරිසර තත්ත්වය පාලනය කිරීම සඳහා දිල්ලිය ඇතුළු ආසන්නතම ප්‍රාන්ත දෙකට කොන්දේසි කිහිපයක්ම පනවා ඇති අතර, එහි වාතයේ ගුණාත්මක මට්ටම ඉතා පහළ අගයක පවතින බව කියැවෙයි.
එහිදී, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති වාතාශ්රයේ වූ අහිතකර කොටස් මට්ටම මෙන් 20 ගුණයක් දක්වා වූ ඉතා දැඩි පරිසර හානියක් දිල්ලියේ පවතින බව කියැවෙයි.
මේ අතර. නගරයේ පාසල් එලැඹෙන අඟහරුවාදා වනතෙක් වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන ඇත.