දකුණු කොරියාව සමග තවදුරටත් කිසිදු ආකාරයක සාකච්ඡාවකට නොපැමිණෙන බව උතුරු කොරියාව අවධාරණය කරයි.
දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් විසින් බ්‍රහස්පතින්දා දිනයේදී සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියාව නිවේදනයක් මගින් මෙසේ පවසා ඇත.
මේ අතර, පසුගිය සඳුදා උතුරු කොරියාව තවත් මිසයිල ද්විත්වයක් අත්හදා බලමින්, එය උතුරු කොරියාවට නැගෙනහිරින් වූ මුහුදට පතිත වූ බව දකුණු කොරියාව කීය.
මාසයක් වැනි කාලයක් තුළ උතුරු කොරියාව විසින් අත්හදා බැලූ 6 වැනි මිසයිල අත්හදා බැලීම බවටද එය නම්විය.
දෙවැනි ලෝක යුද්ධයේදී බෙදී වෙන්වූ කොරියානු අර්ධද්වීපය වර්ෂ 2045 වනවිට යළිත් සමගි කරන බව මූන් ජේ-ඉන් පසුගියදා ප්‍රකාශ කළේය.
උතුරු කොරියාව සම්පූර්ණයෙන් න්යෂ්ටිකහරණයට ලක්කිරීම මෙම වැඩපිළිවෙළෙහි තීරණාත්මක අවස්ථාවක් බව කිය සිටි මූන්, කොරියානු අර්ධද්වීපයේ සෞභාග්‍ය දෙස ලෝකයම බලා සිටින බවද කියා සිටියේය.