දකුණු අප්රිකාවේ, ප්රෙටෝරියා ප්රදේශයේ සිංහ ගොවිපොළක හිමිකරුවෙකු සිංහයන් තිදෙනෙකු විසින් මරා දමා තිබේ.
කෙසේ වෙතත්, පසුව එම සිංහ ගොවිපොළෙහි කාර්ය මණ්ඩලය විසින් මෙම සිංහයන් තිදෙනාවද වෙඩි තබා මරා දමා ඇත.
ඔවුන් පවසා තිබුණේ, මියගිය සිය ස්වාමියාගේ පවුලේ උදවියගේ ඉල්ලීම පරිදි, ඔහුගේ මෘත දේහය හෝ ලබාගැනීමේ අරමුණින් මෙම සිංහයන් ඝාතනය කළ බවය.
ඩිනෝකෙන්ග් සිංහ ගොවිපොළේ ජීවත් වූ මෙම සිංහයන් තම ස්වාමියා මේ ආකාරයෙන් මරා දමනු ඇති බව ඔවුන් සිහිනෙනුදු නොසිතූ බව පවසති.