තුර්කියේ, අන්කාරා නගරයේ දුම්රිය ස්ථානයක් ආසන්නයේ සිදුවූ අධිවේගී දුම්රිය අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 47 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම අනතුරින් දුම්රිය මැදිරි රැසකට බරපතළ හානි සිදුව තිබූ අතර, අනතුරින් තුවාල ලැබූවන් බේරාගැනීම සඳහා සහන කණ්ඩායම් යුහුසුළු වන ආකාරය මාධ්‍යයේ වාර්තා විය.
මෙම අධිවේගී දුම්රිය තවත් දුම්රිය ගැටීමෙන් පසුව මෙම අනතුර සිදුව ඇති බවත්, එරට වේලාවෙන් පෙ.ව.6.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත් කියයි.
අන්කාරා ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 8ක් දුරින් වූ මර්සාන්ඩිස් දුම්රිය ස්ථානයේදී මෙම අනතුර සිදුව ඇති බව කියයි.
මෙම දුම්රිය අන්කාර නුවර සිට දකුණුදිග කොන්යා වෙත ගමන් කරමින් තිබියදී අනතුර සිදුව ඇති බවත් අන්කාරා ආණ්ඩුකාර වාසිප් සහීන් කියා සිටියේය.