තායිලන්තයේ, ගිණිකොණදිග වෙරළ තීරයට කුණාටුවක් පැමිණෙමින් පවතින නිසා සංචාරකයන් සහ එම ප්‍රදේශයේ පදිංචි දහස් ගණනක පිරිසක් ඉවත්කර තිබේ.
තායිලන්ත කාලගුණ අංශ පෙන්වා දෙන්නේ පබුක් සුළි කුණාටුව මේ වනවිට වෙරළ කරා පැමිණෙන බවයි.
කෙසේ වෙතත්, මෙය ප්‍රබල සුළං සහ අඩි 22ක් පමණ උස මුහුදු රළ ඇති කළත් එය අති ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමේ අවස්ථාවක් නොමැති බවද කියයි.
කෙසේ වෙතත්, දැඩි වර්ෂාපතනයක් මෙන්ම, හදිසි ගංවතුර තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවයි.
මේ අතර, තායිලන්ත ආරක්සක අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා එරට හමුදා සූදානමින් සිටින බවයි.