තමිල්නාඩුවේ නළ ලිං කුහරයක් තුළ සිරවූ සුජිත් විල්සන් ළදරුවා බේරාගැනීමට දියත් කළ දැවැන්ත මෙහෙයුම නිරර්ථක වෙමින් දරුවා මියගොස් ඇති බව තහවුරු කරයි.
රාධක්රිෂ්ණනි ප්‍රදේශයේ නාගරික කොමසාරිස්වරයා අද (29දා) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ දරුවාගේ සිරුරේ විශාල කොටසක් මේ වනවිට පිටතට ගෙන ඇති බවත්, සිරුර නරක් වීමට ආසන්න තත්ත්වයේ ඇති බවත්ය.
දරුවා බේරාගැනීම සඳහා ඔහු වැටී සිටි කුහරයට ආසන්නයෙන් තවත් කුහරයක් විදීම සිදුකළද ගලක් අසුවීම නිසා එය ඉතා දුෂ්කර කාර්යයක් බවට පත්විය.
කෙසේ වෙතත්, දරුවාට ඔක්සිජන් ලබාදීම සඳහා ඒ ආසන්නයට හැකි තරම් ඔක්සිජන් සැපයීමක් කර තිබුණත්, දින හතරකට ආසන්න කාලයක් අඩි 88ක් ගැඹුරු කුහරක් තුළ හිරවී සිටි ළදරුවා සදහටම දෙනෙක් පියාගෙන ඇත.
මේ අතර දරුවා වෙනුවෙන් වූ අවමංගල කටයුතු මේ වනවිට සූදානම් වන බවත්, තමිල්නාඩුවේ ඒඅයිඒඩීඑම්කේ අමාත්‍යවරුන් වන විජයබාස්කර්, වෙල්ලමන්ජි නටරාජන් සහ වලර්මතී යන අමාත්‍යවරුන්ද සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.