බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඩෙල්ටා ප්‍රභේදයේ කොරෝනා වෛරසය ආසාදනයන් එරට තුළ ඉහළ යෑම පිළිබඳව දැඩි කණස්සල්ල පළ කරමින්, අලුත්ම තත්ත්වය තුළ එංගලන්තයේ ඉතිරිව ඇති අවසන් අගුලු ලිහිල් කිරීම් ප්‍රමාද කරන බවට යෝජනා කළේය.
ඒ අනුව සමාජ සම්බන්ධතා සුපුරුදු පරිදි පැවැත්වීම සම්බන්ධයෙන් වූ සීමාවන් ලබන ජුනි 21 වැනිදා දක්වා දීර්ඝ කරන්නේද යන්න අගමැතිවරයා සඳුදා නිවේදනය කරනු ඇති බව කියයි.
විශේෂයෙන්ම ලොව වේගවත් එන්නත්කරණයක් සමග බ්‍රිතාන්‍ය ලැබූ සාර්ථකත්වය නිසා ගෘහස්ථ රැස්වීම්වල සීමාවන් සහ අවන්හල් වෙත ගොස් ආහාර ගැනීමට හැකි බොහෝ සීමාවන් ඉවත් වීමට නියමිතව තිබුණි.
නමුත් ඉන්දියාවේ ප්‍රථම වරට සොයාගත් ඩෙල්ටා කොවිඩ්-19 ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම එම සැලසුම් අවදානමට ලක් කර ඇති අතර, එයින් අදහස් කරන්නේ රජය විසින් සීමාවන් ඉවත් කිරීම තවත් මාසයක් පමණ ප්‍රමාදවීමක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.