බහමාස් රාජ්‍ය හරහා හමාගිය අති ප්‍රබල ඩෝරියන් සුළි කුණාටුවෙන් පසු එරට 2,500 දෙනෙකු අතුරුදන්ව ඇති බව බහමාස් හදිසි සේවා අංශ සඳහන් කරයි.
ඒ අනුව, මෙම නිල ගණන් බැලීම්වලින් පෙනී යන්නේ මියගිය සංඛ්‍යාව ලෙස වර්තමානයේ ගණනය කර ඇති 50ක අගයට වඩා බොහෝසෙයින් වැඩිවන බවකි.
කෙසේ වෙතත්, අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව තවමත් තාවකාලික ලැගුම්හල්වල සිටින අයගේ තොරතුරු සමග සසඳා පරීක්ෂා කර නොමැති බැවින් මෙම අගය පහළ යනු ඇති බවද විශ්වාස කෙරෙයි.
මේ අතර, සුළි කුණාටුවෙන් පසුව දස දහස් ගණනකට අත්‍යවශ්‍ය ආධාරවල දැඩි අවශ්‍යතාවක් පවතින බවද එරට හදිසි සේවා අංශ පවසයි.
ඩෝරියන් සුළි කුණාටුව අබාකෝ දූපත්වලට කඩා වදින විට එය මෑත ඉතිහාසයේ සුළි කුණාටුවක් විසින් ඇති කළ ප්රබලතම සුළං තත්ත්වය වාර්තා කර තිබුණි. මෙම කුණාටුවෙන් අබාකෝස් සහ ග්‍රෑන්ඩ් බහමාහි විශාල ප්‍රදේශයක් විනාශ විය.